මව්පියන් දෙදෙනාම කෝවිඩ් ආසාදිත බව තහවුරුවී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවුන පසු ඥාතීන්ගේ හෝ වෙනත් විශ්වාස කටයුතු කිසිවකුගේ ආරක්ෂාවක් නැති දරුවන් සබරගමු පළාතේ පරිවාස දෙපාර්තමේන්තුවේ බාරයට පත්කරන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, ගොමාඩුව පිහිටි පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ පූර්ණ ආරක්ෂාව යටතේ ඇති මධ්‍යස්ථානය ඒ සඳහා තොරාගෙන ඇති බව පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 වෛරසය පැතිරයාම ඉහළ අගයක් ගනී. රත්නපුර දිස්ත්‍රික් කෝවිඞ් මර්දන කමිටුවට සූම් තාක්ෂණය ඔස්සේ පසුගිය 133දා පැවති අවස්ථාවේ පළාත් ආණ්ඩුකාරවයා මේ බව කියයි.
ඇතැම් පවුල්වල මව්පිය දෙදෙනාම කෝවිඩ් ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යාමේ දී ඔවුන්ගේ දරුවන්ට රැකවරණ දීම පිළිබඳ ගැටලුව පැන නැගුණු අවස්ථාවේ ඊට පිළියම් යෙදීමට ආණ්ඩුකාරවරයා මෙසේ මැදිහත්විය.