ශ්‍රී ලංකාවේ තහනමට ලක් කළ ඉස්ලාම් අන්තවාදී සංවිධාන එකොළහ වෙනත් නම්වලින් යළි ආරම්භ කිරීමේ සූදානමක් ඇතැයි බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.
අලුතින් ආරම්භ කිරීමට යන මෙම සංවිධාන ලියාපදිංචි නොකර රහසිගතව පවත්වා ගෙන යෑමට සැලසුම් කර ඇතැයි ද හෙළි වී තිබේ.
විදෙස්ගත ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධාන මගින් සුබ සාධන කටයුතු කරගෙන යන මුවාවෙන් යළි මෙම සංවිධාන ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ තවත් දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන හයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
මෙම සංවිධාන සියල්ලම ලියාපදිංචිය සිදුකර ඇත්තේ ආගමික, පරිසර, සමාජීය, සෞඛ්‍ය යන පරමාර්ථවලින් වූවත් ඒවා මුවාවෙන් සිදුකර ඇත්තේ ආගමික අන්තවාදය පතුරවාහැරීම බව ද අනාවරණය වී ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එනම් පසුගිය 2020 වසරේ දී පමණක් නව රාජ්‍ය නොවන සංවිධාන විසි අටක් ලියාපදිංචි වී ඇතැයි ද ඒවා සියල්ල ගැනම පුළුල් සොයාබැලීමක් සිදුවන බවද දැනගන්නට තිබේ.