අහඹු PCR 269න් 101ක් ම පොසිටිව්….! ඇමැති ලොකුගේ ඇරිය පිළියන්දල මාර්කට් එක වසා දමයි…!

May 9, 2021 at 8:25 pm | by emanisa.lk

අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 269කට සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී ආසාදිතයින් 101 දෙනෙකු හඳුනා ගැනීමත් සමග පිළියන්දල නගරයේ පොදු වෙළඳ සංකීර්ණය දින නියමයක් නොමැතිව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

මීට පෙර පිළියන්දල නගරය ඇතුළු ‍පිළියන්දල පොලිස් වසම හුදෙකලා කිරීමට තීරණය කළ නමුත් පැය 24 ක් ඉක්ම යාමට මත්තෙන් එය ග්‍රාම නිළධාරී වසම් කිහිපයකට පමණක් සීමා කිරීමට තීරණය විය.

ඒ, අමාත්‍ය ගාමිණි ලොකුගේ බලධාරීන්ට කතා කොට එය යළිත් විවෘත කිරීමට මැදිහත් වීමත් සමගය. මේ සඳහා ඇමැතිවරයා ලවා බලපෑම් කර ඇත්තේ මෙම ව්‍යාපාරික පිරිස බව ද වාර්තා වෙයි. පිළියන්දල නැවත වැසුවහොත් තමා ඊට මැදිහත් වන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස