ඊයේ වැඩි ම ආසාදිතයින් ලොක්ඩවුන් වෙනස් කළ පිළියන්දලින්….!

May 6, 2021 at 12:47 pm | by emanisa.lk

ඊයේ ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 1939ක් වාර්තා වූ අතර එය මෙතෙක් ලංකාවෙන් වාර්තා වූ දෛනික වැඩි ම ආසාදිතයින් ගණනයි.

ඒ අතරින් වැඩි ම ආසාදිතයින් ප්‍රමාණය වන 498 වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹින් 122ක් වන වැඩි ම ආසාදිතයින් පිළියන්දලින් වාර්තා වී තිබෙන අතර එය ප්‍රදේශයකින් වාර්තා වූ වැඩි ම දෛනික ආසාදිතයින් ප්‍රමාණය ද වෙයි. දෙවැනි ස්ථානය ආසාදිතයින් 55ක් වාර්තා වන මුල්ලේරියාවට හිමිව ඇත.

පිළියන්දල, ආසාදිත ප්‍රතිශතය මුල්ලේරියාවට වඩා 45%ක සීඝ්‍රතාවක් පෙන්වීම විශේෂ සිද්ධියකි. පිළියන්දල නගරය සම්පූර්ණයෙන් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ ද ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම මත ගාමිණී ලොකුගේ බලපෑම් කර එය වසා දැමීම ග්‍රාම සේවා වසම් කිහිපයකට සීමා කළ බවට දැඩි චෝදනා එල්ල වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *