අදත් ආසාදිතයින් 1800 පනී…..! 1335කට සුවයි….! 17 500ක් රෝහල්වල…!

May 8, 2021 at 9:50 pm | by emanisa.lk

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1890 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 123, 228 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර සිටි 1335 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 103 098දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවය.

මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 121 338කි. ඉන් ආසාදිතයින් 17476 දෙනෙකු තව දුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *