දුම්රිය කිහිපයක් අද (6) දිනයේ දී අවලංගු කිරීම හේතුවෙන් රාජකාරී නිම වී නිවෙස් කරා යන ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්වූහ.
ධාවනය වූ දුම්රියවල දැඩි තදබදයක් යටතේ ගමන් කිරීමට මගීන්ට සිදු වූයේ කොරෝනා අවදානම ද නොතකමිනි.
එසේ ගමන් කළ පිරිස් දුම්රිය අවංලගු කිරීමේ තීරණය ගැන දුම්රිය දෙපාර්තමේන්තුව වෙත සිය නොසතුට පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබෙනු ද දක්නට ලැබිණි.
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ මේ දිනවල මගීන්ගේ පැමිණීමේ අඩුවක් ඇති නිසා මෙම පියවර ගත් බවයි.
මෙලෙස ජනතාවට දුම්රියේ යාමට සිදුවන්නේ අදත් ආසාදිතයින් 1851ක් වාර්තා වන භයානක පසුබිමකය.