අලුත් අවුරුදු සමයේ කොවිඩ් ආසාදිත ප්‍රතිශතය අඩු වූයේ ආණ්ඩුව PCR ප්‍රමාණය අඩු කළ නිසා බව සමගි ජන බලවේගය පවසයි.
මේ වන විට රටේ කොවිඩ් ව්‍යාප්ත වී ඇත්තේ ආණ්ඩුවේ නොහැකියාව නිසා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරයි.
මේ රටේ සිදුවන සෑම කොවිඩ් මරණයට ම ආණ්ඩුව වගකිව යුතු බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, විශේෂඥයින් රට වසා දමන ලෙස ඉල්ලා සිටිය ද එය සිදු නොකරන්නේ දේශපාලන බලපෑම් නිසා බව ද හර්ෂණ රාජකරුණා අනාවරණය කරයි.