කිරිඇල්ලගේ ඉල්ලීමට ඉඩ….! බදියුදීන් පාර්ලිමේන්තුවට….!

May 1, 2021 at 2:07 pm | by emanisa.lk

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීම් සඳහා දැනට රැඳවුම් භාරයේ සිටින සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදුර්දීන්ට සහභාගිවීමට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලයි.

ඊයේ (30) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පක්‍ෂ නායක රැස්වීමේ දී ඔහු මෙම ඉල්ලීමක් කර ඇත.

ඒ සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය එකඟත්වය පළ කර තිබේ. ඒ අනුව ඊළඟ පාර්ලිමේන්තු දිනයේ දී රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට කැඳවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස