රිෂාඩ් විතරක් නෙමෙයි ජවිපෙත් අන්තවාදී සංවිධාන එක්ක ගනුදෙනු කළා…! සියලු තොරතුරු ළඟඳිම එළි කරනවා…! – මහින්දාන්නද…

April 26, 2021 at 8:05 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඉස්ලාම් අන්තවාදීන් සමග පැවැත්වූ සබඳතා සියලු සාක්ෂි අනාවරණය වූ හෙයින් ඔහු අත්අඩංගුවට ගත් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණත් ඉස්ලාම් අන්තවාදී සංවිධාන කිහිපයක් සමග පැමිණි එකඟතා ගැන මේ වනවිට හෙළි වී ඇති බව ඇමැතිවරයා අවධාරණය කරයි.

“ඇයි රිෂාඩ් බදියුදීන් අත් අඩංගුවට ගන්නෙ? ඔහු අන්තවාදීන් සමඟ කටයුතු කළ ආකාරය පිළිබඳ සියලු සාක්ෂි අහුවෙලා තියෙනවා.

ඒ විතරක් නෙවෙයි අද බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දීමට ගිවිස ගෙන තියෙනවා මේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පියාත් එක්ක.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඒ අන්තවාදී සංවිධාන කිහිපයක් එකඟතාවකට ඇවිල්ලා තියෙනවා. මේ සියල්ල පිළිබඳ එළිවෙනවා.

ඒක නිසා මතක තියාගන්න මේක විපක්ෂය මර්දනය කිරීමක් නෙවෙයි. අපිට පාස්කු කොමිසමේ මිනිස්සුන්ට දඬුවම් දෙන්න කියනවා. ඒ දඬුවම් දෙනකොට අපට කියනවා අපි විපක්ෂය මර්දනය කරනවා කියලා”

මහින්දානන්ද අලුත්ගමගේ මේ බව පැවසුවේ පසුගියදා (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *