රිෂාඩ් බදියුදීන් සහ සොහොයුරා අත්අඩංගුවට….! මහ රෑ CIDය නිවෙසට පනී….!

April 24, 2021 at 6:51 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරක ඝාතන කල්ලියට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාද් බදියුදීන් අද (24) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

කොළඹ බෞද්ධාලෝක මාවතේ සහ වැල්ලවත්තේ පිහිටි ඔවුන්ගේ නිවාසවල දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

මෙයට පෙර රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවක සතියකට වැඩි කාලයක් සැඟව සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *