ඉස්ලාම් ත්රස්තවාදීන්ට අරමුදල් සපයන කටාර් චැරිටි ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණි බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි.
මෙම ශාඛාව 2018 වසරේ දී ආරම්භ කර ඇති බවත් එය ඇතැම් මුස්ලිම් රටවල පවා තහනම් කර ඇති අන්තවාදී සංවිධානයක් බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරයි.
එම උත්සව අමතමින් එවක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසන්නේ සිය අමාත්‍යංශයේ කටාර් චැරිටි ආයතනය සඳහා වෙන ම කාර්යාලයක් විවෘත කිරීමට කටයුතු කරන බව ය.