අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් කඩිනමින් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
“රටක් වටින පොතක්” තේමාව යටතේ පොත් දසදහසක් ලිවීමේ ජාතික වැඩසටහනේ පළමු අදිරයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“රටක් දියුණු කරන්න පුළුවන් අධ්‍යාපනය දියුණු කිරීමෙන් බව සෑම දෙනාම එකඟවන කරුණක්. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශාල අවධානයක්, ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා අධ්‍යාපනය වෙනුවෙන්. ඒ වගේම අධ්‍යාපනයේ නව නැම්මක් ගෙන ඒමට අවශ්‍ය වෙනස්කම් ඇති කරන්නට ක්‍රියා කරගෙන යනවා.
දරුවන් අධ්‍යාපනය අවසන් වීමෙන් පසු රටට වැඩදායි පුද්ගලයෙක් බවට පත්වෙන, ඒ වගේම ආර්ථිකයට ඍජුවම සහභාගී විය හැකි දරුවෙක් බවට පත්වෙන්නට අවශ්‍ය වෙනස්කම් අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ ඇති කරන්නට අපි ක්‍රියා කරගෙන යනවා.