ආණ්ඩුවේ මැයි දිනය තහනමට අපි එකඟ නෑ…! සිංහල අවුරුදු සැමරුවා නම් මැයි දිනය සමරන්න බැරි ඇයි…! – ජවිපෙ

April 20, 2021 at 6:41 pm | by emanisa.lk

සෞඛ්‍ය හේතු මත මැයි දිනය නොපැවැත්වීමට ගත් තීන්දුවට තමන් එකඟ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ගම සමඟ පිළිසඳර, සිංහල හින්දු අලුත් අවුරුද්ද වැනි උත්සව ද එසේ නම් සෞඛ්‍ය හේතු මත නොපැවැත්විය යුතුව තිබූ බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙයි.

ආණ්ඩුව මේ මොහොතේ මුහුණ දෙන දේශපාලන අභියෝග නිසා මැයි දිනය පැවැත්වීමට නොහැකි වී ඇති බවත් එහෙයින් සෞඛ්‍ය හේතු පෙන්වා මැයි දිනය නොපැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

මැයි දිනය පැවැත්වීමේ තීන්දුව ගතයුත්තේ ආණ්ඩුව නොව පක්ෂ විසින් බවත් ආණ්ඩුව මුහුණ දෙන දේශපාලන ආර්ථික අභියෝග හමුවේ එය කල් දැමීමට ගත් තීන්දුවට තමන් එකඟ නැති බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *