රාජපක්ෂලාගේ ගිණුම්වලට චීනයෙන් මුදල් ආ බව දැන් පැහැදිලි යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ සඳහන් කරයි.
ජනතාව විරුද්ධ වෙද්දී එළැඹෙන ගිවිසුම් රට සංවර්ධනය කිරීමට සඳහා වන ඒවා නොව රාජපක්ෂ පවුලේ ගිණුම් තර කිරීම සඳහා එළඹෙන ගිවිසුම් යයිද ඔහු චෝදනා කරයි.
මීට පෙර චීනයෙන් ඩොලර් මිලියන හතහමාරක මුදලක් රාජපක්ෂලාට ලබා දුන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කළ බව පැවසූ ඔහු එම ප්‍රකාශය චීනය හෝ රාජපක්ෂලා විසින් ප්‍රතික්ෂේප නොකළ බවද පැවසීය.
ගාල්ලේදී ඔහු මාධ්‍ය වෙත මෙම අදහස් පල කරන ලදී.