හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තබන ලද ෆේස්බුක් සටහනකි.
පසුගියදා මහාධිකරණයේ දී මා සම්බන්ධයෙන් පැවති නඩු නිමිත්තකදී මාගේ කුඩා බිලිඳියට කිරි ලබාදීමට මහාධිකරණ පරිශ්‍රයේදී ස්ථානයක් නොමැති වූ හෙයින් මා හට මාගේ රථයේ සිට එම කටයුත්ත සිදුකිරීමට සිදුවූ අතර එම අවස්ථාවේදී ගරු විනිසුරුතුමන් මා අධිකරණය තුල නොසිටි බැවින් මා හට වරෙන්තු නිකුත් කරන ලදී.
අධිකරණ පරිශ්‍රය තුළ දී ගැබිනි මව්වරුන්ට හා කුඩා දරුවන් සිටින මව්වරුන්ට තම කටයුතු කර ගැනීමට, විවේක ගැනීමට හා තම දරුවාට කිරි දීමට ස්ථානයක් නොමැති වීම නිසා කාන්තාවන් බොහෝ අපහසුතාවන්ට ලක් වේ.
මෙම කාරණාව සම්බන්ධයෙන් ගරු අධිකරණ ඇමති Mohamed Ali Sabry මහතා හට මා ෆේස්බුක් හරහා දැනුම් දී මව්වරුන්ට වෙනම ස්ථානයක් අධිකරණ පරිශ්‍රය තුල වෙන් කර දෙන ලෙස ඉල්ලා සිටියෙමි.
මාසයක කාලයක් යෑමට මත්තෙන් ඔහු විසින් ප්‍රතිචාර දක්වා ඇත. ඒ අනුව මව්වරුන්ට තම දරුවන්ගේ කටයුතු සිදු කර ගැනීමට අධිකරණ පරිශ්‍රය තුල දැන් ස්ථානයක් ඇත!
ගරු අධිකරණ ඇමතිතුමනි, විපක්ෂ නියෝජනය කරන අයෙකු ලෙස මා ඔබගේ කාර්යක්ෂමතාවට හා නිහතමානීභාවයට සිරස නමා ආචාර කරමි. ස්තූතියි!
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර