අන්තවාදී ඉස්ලාම් සංවිධාන තහනම් කරමින් ගැසට් නිවේදනය ප්රකාශයට පත් කිරීමත් සමඟ තවුහිද් සංවිධාන මගින් පවත්වා ගෙන ගිය මුස්ලිම් දේවස්ථාන 100ක් පමණ පසුගිය සිකුරාදා සිට වසා දමා ඇතැයි වාර්තා වෙයි.
රාමලාන් උපවාසය පසුගිය 14 වෙනිදා ආරම්භ වූ අතර ඊට සමගාමීව අන්තවාදී මුස්ලිම් සංවිධාන තහනම් කරන ගැසට්ටුව ද නිකුත් වීම නිසා එම පල්ලිවලින් රාමලාන් උපවාසකරුවන්ට ආහාරපාන සහ කැඳ ලබා දීම ඇතුළු සියලු ආගමික කටයුතු ද නතර කර තිබේ.
මේ අතර අදාළ තීන්දුවට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා මුස්ලිම් නීතීඥ පිරිසක් කොළඹ දී හමුවී සාකච්ඡා කර ඇති අතර ලබන සතියේ අදාළ පියවර ගැනීමට තීන්දු කර තිබේ. මේ අතර තහනම් සංවිධානවල සාමාජිකත්වයෙන් සහ එම පල්ලිවල භාරකාර මණ්ඩල සාමාජිකත්වය දරන්නේ නම් ඉන් වහාම ඉවත් වන ලෙස වකූෆ් සභාව දැනුම්දීමක් කර තිබේ.