අප වෙනත් රටවලට ඇති ණය ගෙවීම සඳහා චීනය අපට උපකාර කිරීමට ඇති ඉඩ ඉතාමත්ම සීමිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
“දැන් ඇත්තටම අපි චීනයට කොච්චර ණයද ? බිලියන 600ක් විතර අපි ව්‍යාපෘති වලට ණයයි. ඒ කියන්නෙ සියලු ව්‍යාපෘති ණය වලින් 19%ක් අපි චීනයට ණයයි. ව්‍යාපෘති නොවන ණය, වෙළඳපොල හරහා ගත්ත ණය 200ක් විතර අපි චීනයට ණයයි.
එතකොට සමස්තයක් හැටියට ගත්තාම අපි චීනයට අපේ සම්පූර්ණ ණයවලින් 12.5%ක් විතර ණය ප්‍රමාණයක් තියෙනවා. එතකොට රටවල්වලින් ගත්තාම වැඩිපුරම අපි ගෙවන්න තියෙන්නෙ මේ ණය. මේක තමයි යතාර්ථය.
අපි අපේ අපනයනවලින් 2%යි චීනයට අපනයනය කරන්නෙ. අනිත් පැත්තට වැඩිපුරම ආනයනය කරන්නෙ චීනෙන්. ආයනය වලින 20%කට වඩා කරන්නෙ චීනයෙන්. එතකොට ශ්‍රී ලංකාව හැමවෙලාවෙම චීනයට විශාල ප්‍රමාණයක් එක්කො ණය වලින් – වැඩිපුරම ණය – අනිත් පැත්තෙන් ආනයනවලින් ගෙවන්න සිද්ධ වෙනවා. ඔය යතාර්ථය තුළ චීනයට අපේ අනිත් ණය ගෙවන්න, එව්වා ගෙවන්න චීනයට අපට කරන්න පුළුවන් උපකාරය ඉතාමත්ම සීමිතයි.”
හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.