මානා ඉලුක් ජපන් ජබරවලින් natural paper…!කෘත්‍රිම ද්‍රව්‍ය කිසිවක් නැති අනඟි ව්‍යාපෘතියක්….!

April 11, 2021 at 10:22 am | by emanisa.lk

රජරට ප්‍රදේශයේ සුලභව දක්නට ලැබෙන මානා සහ ඉලුක් යොදාගෙන කඩදාසි නිපදවීමේ ව්‍යාපාරයක් රාජාංගනය ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් අරඹා ඇත.

කෘත්‍රීම ලෙස නිපැයෙන කිසිදු අමු ද්‍රව්‍යයක් යොදා නොගෙන, අවට පරිසරයෙන් ලබා ගන්නා ද්‍රව්‍ය පමණක් භාවිත කර තත්ත්වයෙන් උසස් කඩදාසි නිපදවීමට මෙම කාන්තාවෝ සමත්ව සිටිති.

දැනටත් මේ සඳහා ඉතා හොඳ ඉල්ලුමක් තිබෙන අතර මානා සහ ඉලුක්වලට අමතරව ජපන් ජබර සහ වැව්වල වැවෙන වෙනත් ජලජ ශාක ද කඩදාසි නිපදවීමට යොදා ගත හැකි බව ඔවුහු පැවසූහ.

මෙම කටයුත්තෙහි නියැලෙන කණ්ඩායම මුහුණ දෙන ගැටලු නිරාකරණය කර දීමටත්, දැනට කාන්තාවන් විසි දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන කඩදාසි නිපදවීම පුළුල් කිරීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය සැපයීමටත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මැදිහත් වී කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *