යාපනේ නගරාධිපති කොටි ලාංඡන ප්‍රවර්ධනය කළ බව තහවුරුයි…! අධිකරණයෙන් දැඩි අවවාද සමග ඇප….!

April 10, 2021 at 9:49 pm | by emanisa.lk

යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්ට අද (10) යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් නීතිය දැන, නීතිය කඩකිරීම සුදුසු නොවන බවට අවවාද කර තිබේ.

එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් හා ලකුණු ප්‍රවර්ධනය කිරීමේ චෝදනාව මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යාපනය නගරාධිපතිවරයා ඊයේ අලුයම අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ය.

පරිසර රාජකාරී සඳහා මේ පිරිස බඳවා ගත් බව සඳහන් කළ ද මේ පිරිස නගරයේ රථ වාහන හසුරුවන ආකාරය ද දැකගත හැකි විය.

මෙම නිල ඇඳුම කොළඹ නගර සභාවේ පරිසර සේවක නිල ඇඳුමට සමාන කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කළ ද එය සමාන වන්නේ කොටි පොලිස් නිල ඇඳුමට තහවුරු වෙයි.

යාපනය මහේස්ත්‍රාත්වරයා, නගරාධිපතිවරයාට සිදුකළ අවවාදයෙන් ද නැවතත් තහවුරු වන්නේ නගරාධිපතිවරයා කොටි ලාංඡන ප්‍රවර්ධනයක් කළ බව ය.

නගරාධිපතිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පෙනී සිටි අතර ඔහු සඳහන් කළේ නිල් පාට ඇඳුමක් දුටු වහා ලංකා පොලිසිය කොටි යැයි බියට පත්වන බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *