සතොස ඔස්සේ ලබා දෙන සහන මල්ල පිළිබඳ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන අය පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙස තමා පොලිසියෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.
සහන මල්ල පවුලකට සති දෙකකට ප්‍රමාණවත් බවට වැරදි සිදුකළ ප්‍රකාශය ඒ අවස්ථාවේ ම නිවැරදි කළ ද මාධ්‍ය වැරදි කොටස ප්‍රචාරය කළ බවත් ඔහු සඳහන් කරයි.