එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ පරිසරය ආරක්ෂා කරගෙන හරිත ආර්ථික සංකල්පය ඉදිරියට යන්නේ කෙසේද යන කාරණය පිළිබඳව විධිමත් සැලසුමක් සකස් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.
පරිසරය වනසමින් ජනතාවට වස කවමින් රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද විහිළුවක් බවට පත්ව ඇති වත්මන් ආණ්ඩුවෙි සත්‍ය ස්වරූපය මේ වන විටත් ජනතාව තේරුම් ගෙන සිටින බව ද එජාප නියෝජ්‍ය නායකයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ හරිත ආර්ථික ප්‍රතිපත්තිය ද මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව අනාවරණය කළේ ය.
සිය පක්ෂයේ හරිත ප්‍රකාශයේ අරමුණ වන්නේ අප ඉදිරියේ දී පරිසරය ආරක්ෂා කරන්නේ කෙසේද යන කාරණය පිළිබඳ කතිකාවතක් ඇති කිරීම බව ද ප්‍රකාශ කළේය.