ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් ගහ බැණ ගන්නේ තනතුරුවලට ඇති කෑදරකම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මෙලෙස තනතුරු උදෙසා ගහමරා ගන්නා ආණ්ඩුව නිසා ජනතාව අසරණ වී ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
දශක ගණනාවක් තිස්සේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වූ නායකයින් කළ කිසි දෙයක් නැතැයි ද හෙතෙම පවසයි.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලක් බව ද සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
ඊයේ (07) උතුරු කොළඹ පැවැති විපක්ෂ නායක ජංගම හමුවට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.