පාඨලීලා රනිල්ලා කොළඹට කළ දෙයක් නෑ,…! වැඩක් කළේ මගේ පියාණන් විතරයි….! – සජිත්…

April 7, 2021 at 12:47 pm | by emanisa.lk

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් ගහ බැණ ගන්නේ තනතුරුවලට ඇති කෑදරකම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මෙලෙස තනතුරු උදෙසා ගහමරා ගන්නා ආණ්ඩුව නිසා ජනතාව අසරණ වී ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

දශක ගණනාවක් තිස්සේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වූ නායකයින් කළ කිසි දෙයක් නැතැයි ද හෙතෙම පවසයි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලක් බව ද සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඊයේ (07) උතුරු කොළඹ පැවැති විපක්ෂ නායක ජංගම හමුවට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *