සුළු වාර්ගික ඡන්දවලට ජනපති ධූරය තීන්දු කරන්න ඉඩදිය යුතු නෑ…! රටේ බහුතර භූමිය ජයගන්නා අපේක්ෂකයා ජනපති කළ යුතුයි…! – ගෙවිඳු…

April 5, 2021 at 8:45 am | by emanisa.lk

ජනාධිපතිවරණයේ දී වැඩි ම මැතිවරණ කොට්ඨාශ ප්‍රමාණයක් දිනා ගන්නා ජයග්‍රාහකයා ජනාධිපති ධූරයට පත් කළ යුතු බවට තමා යෝජනා කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

එසේ ම ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය එක ම දිනයක පැවැත්වීමේ අවශ්‍යතාව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එසේ ම එක රටක් එක නීතියක් යන සංකල්පය මත ක්‍රියාත්මක වන්නේ නම් ඒ ඒ පළාත්වලට වෙන වෙන ම නීති පැනවිය හැකි පළාත් සභා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ගෙවිඳු කුමාරතුංග පෙන්වා දෙයි.

නව ව්‍යවස්ථා සම්පාදන විද්වත් කමිටුව වෙත සිය යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *