සිංහරාජය ඇතුළු රටේ සිදු කරන වන විනාශයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසයි.
සිංහරාජය සම්බන්ධයෙන් වනජීවී පනතට අනුව කොළයක්වත් කඩා දැමීමට නොහැකි යැයි ඊයේ (04) පැවැති තරුණ හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ය.
රටේ සිදු කරන වන විනාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර පරිසර සංවිධානවලට පැමිණිලි කරන බව පැවසූ එජාප නායකයා දිගින් දිගට ම සිදු කරන වන විනාශයට එරෙහිව හරිත ප‍්‍රකාශයක් ඇති කර ගත යුතු යැයි ද වැඩිදුරටත් පැවසීය.
කෙසේ වුව ද බැඳුම්කර වංචාව පිළිබඳ මාධ්‍ය විමසූ විට රනිල් වික්‍රමසිංහ ඊට පිළිතුරු නොදී නික්ම යාම විශේෂත්වයකි.