කැලෑ පාළුවන් අල්ලන්න STF මෙහෙයුම්…! රට පුරා කඳවුරු 69ක බල ඇනි සීරුවෙන්….!

March 27, 2021 at 2:57 pm | by emanisa.lk

සමස්ත රට ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු 69ක් යොදා ගෙන වන විනාශයන් වැටලීමට එම බලකාය පියවර ගෙන තිබේ.

ඒ අනුව කැලෑ විනාශ කරන ඕනෑ ම පුද්ගලයෙකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස විශේෂ කාර්ය බලකා සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සියලු කඳවුරු ප්‍රධානීන්ට නියෝග කර තිබේ.

පසුගිය මාර්තු 16 වන දා සිට කැලෑ එළිකිරීම් සහ ගිනි තැබීම් 56ක් වටලා 59 දෙනෙකු සහ ගස් 54න් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *