නව ව්‍යවස්ථාව තුළ මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ව්‍යවස්ථා සම්පාදන කමිටුවට භාරදීමෙන් අනතුරුව ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
“එහි තිබෙන ප්‍රධානම කාරණා තමයි බුද්ධාගම සුරක්ෂිත කිරීම සහ එයට ප්‍රමුඛත්වය ලබාදීම කියන වගන්ති ඇතුළත්ව තිබීම. මෙම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය වෙනස් වෙන්නට ඕනේ. පරිසරය සුරක්ෂිත කිරීම, මිනිසුන්ට වගේම සතුන්ට සිදුකරන වද හිංසා පිළිබඳව ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකන්න ඕනේ.
ඇතැම් කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ අධිකරණ බලය පළාත්බද මහාධිකරණවලට ලබාදිය යුුතුයි කියලත් අපි යෝජනා කරනවා.
පළාත් සභා පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරලා තියෙන්නේ තව දුරටත් බලය විමධ්‍යගත කිරීමේ සංකල්පයට අපි එකඟයි, ඒ අනුව දිස්ත්‍රික් සභා ක්‍රමයක්, පැරණි තිබුණු සෙනෙට් සභාවට සමාන දෙවෙනි මන්ත්‍රණ සභාවක්. නියෝජිතයිත් සහ විද්වතුන් එකතු කරලා ඒ සභාව සෑදිය යුතුයි.
අපි විශේෂයෙන්ම කියා සිටිනවා නව ව්‍යවස්ථාවෙන් මනාප ඡන්ද ක්‍රමය නැති කරන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලන ආණ්ඩුවත් රැවට්ටුවා. අපි 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය නමින් මනාප ක්‍රමය නැති කරලා ආසනයකට වගකියන මන්ත්‍රීවරයෙකු පත්කරන ක්‍රමයක් ලබාදෙන පොරොන්දුව මතයි.”