ලංකාවේ වැඩියෙන් ම කැලෑ කැපුවේ ඩී.එස්. සහ ගාමිණී…! මුන්ගේ කටේ චීන හොරි දාන්න ඕන…! – ඇමැති විමලවිර..

March 21, 2021 at 9:34 pm | by emanisa.lk

හැමදාම රටේ කැලෑ වැඩි පුරම විනාශ කරන්නේ ව්‍යාපාරිකයින් බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

පරිසරය රකිමු කියා බෝඩ් උස්සා ගෙන සිටින්නේ ද එම ව්‍යාපාරිකයින් ම බව ඇමැතිවරයා කියයි.

පරිසර සංරක්ෂණයට කිසිදු දායකත්වයක් නොදක්වන ලක්ෂ ගණනක් අද පරිසර සංරක්ෂණය ෆේස්බුක් එකේ හප හප විකුණන කුණු රස මාතෘකාවක් බවට පත්කර ගෙන ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

විපක්ෂය අර්ථ නිරූපණය කරන ආකාරයට නම් මේ රටේ වැඩි ම කැලෑ ප්‍රමාණයක් කපා ඇත්තේ ඩී.එස්. සේනානායක සහ ගාමිණී දිසානායක බව ද හෙතෙම අවධාරණය කරයි.

එහෙත් මේ අර්ථ නිරූපණ ව්‍යාජ තක්කඩි වැඩ යැයි ද ඒවා කියන උන්ගේ කටවල චීන හොරි දැමිය යුතු බවත් ඇමැති විමලවීර වැඩි දුරටත් පවසයි.

ජාත්‍යන්තර වනාන්තර දින වැඩසටහනට හම්බන්තොට දී එකතු වෙමින් ඔහු මෙසේ පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *