යහපාලන කාලේ රූමස්සල හැදූ ඩඩ්ලිගේ හෝටලේට පාරක් දෙන්න එපා….! – පරිසර සංවිධාන අවදි වෙයි….

March 21, 2021 at 12:34 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේනගේ හෝටලයට රූමස්සල අභයභූමිය අසලින් මාර්ගයක් ලබා නොදෙන ලෙස ඉල්ලා ඊයේ (20) ගාල්ල නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ඉදිකළ මෙම හෝටලය මහල් 16කින් සහ කාමර 250කින් සමන්විත දැවැන්ත හෝටලයකි.

එම හෝටලය ඉදිකරන සමයේ කිසිවෙකු ඊට එරෙහිව උද්ඝෝෂණ නොකළ බවත් අධිකරණයට නොගිය බවත් වාර්තා වෙයි.

එම හෝටලයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර රූමස්සල අභයභූමියෙහි මීටර් 100ක් වන ප්‍රේරණ කලාපය ඔස්සේ මාර්ගය ඉදිකිරීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

මෙම උදඝෝෂණය සඳහා පරිසර සංවිධාන මෙන් ම ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත ජාතික භික්ෂු පෙරමුණේ ස්වාමීන් වහන්සේලා ද පැමිණ තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *