අලුත් ව්‍යවස්ථාව සම්මත කරන්න කලින් පළාත් සභා ඡන්ද පැවැත්වීම ජනවරම පාවාදීමක්…! – ගෙවිඳු…

March 17, 2021 at 1:32 pm | by emanisa.lk

නව ව්‍යවස්ථාව හඳුන්වා දීමට පළමුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම 2/3 ජනවරමට පටහැනි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

දෙමළ ජාතික සන්ධානය සහ මනෝ ගනේෂන් ප්‍රමුඛ වතුකරයේ දෙමළ පක්ෂ සමඟ එක්ව පසුගිය යහපාලන ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර වර්තමාන මැතිවරණ ක්‍රමය යෝජිත නව ව්‍යවස්ථාවට අනුව වෙනස් කළ යුතු බව ද එසේ නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්වීම නව ජනවරමට පටහැනි බව ද ඔහු අවධාරණය කරයි.

අලුත් ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ දී වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ඇතුළු මූලික කරුණු කිහිපයක් පිළිබඳ නැවත සලකා බැලීම උදෙසා මෙම වරම ලද බවත් ගෙවිඳු කුමාරතුංග DailyMirror පුවත්පතට පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *