සින්නක්කර ඔප්පු ප්‍රදානයේ දී සංගක්කාර ඉඩම් කොල්ලයෙන් පාඩම් උගත යුතුයි…!

March 16, 2021 at 6:31 pm | by emanisa.lk

කුමාර් සංගක්කාරගේ බිරිඳ නමට සීගිරිය ප්‍රදේශයේ දුප්පත් ගොවි පවුලක් සතු ඉඩමක් ලබා ගැනීමේ සිදුවීම පිළිබඳ ආන්දෝලනාත්මක සිදුවීම අළලා ලියවුණු සමාජ මාධ්‍යවල හුවමාරු වන ලිපියක් පහත දැක්වෙයි.

සංගක්කාරට දුප්පත් අහිංසක මිනිසුන්ගේ ඉඩම් මංකොල්ල කෑම වැරදුනේ රජයෙන් ලබා දුන් ඉඩම් සින්නක්කරව ලබා නොදීම නිසා එම ඉඩම් විකිනීමට නීතියෙන් ඉඩ කඩක් නැති නිසාය. මෙතුවක් කල් දුප්පතුන්ට ලබා දුන් රජයේ ඉඩම් විකිණීමට නොහැකි ලෙස ස්වරණ භුමි වැනි ක්‍රම වේද හරහා ලබා දුනි. නමුත් වර්තමානයේ මෙම ඉඩම් සඳහා සින්නකර ඔප්පු ලබා දීමට කටයුතු කරමින් සිටිති.

මෙය මතු පිටින් සලකු විට යහපත් බව පෙනී යයි.
රටේ දුප්පත් ජනතාවට සින්නකර ඔප්පු ලබා දීම ගැටළුවක් නැති වුවද එය ධනවතුන්ට බලවතුන්ට දෙස් විදෙස් කොම්පැනි කාරයන්ට කොල්ලකෑමට ඉඩ අහුරන වැඩපිළිවෙලක් සැකසිය යුතුය. දුපතුන්ට රජයෙන් ලබා දෙන සින්නකර ඔප්පු හරහා බැංකු මගින් ණය ලබා ගැනීමට අවස්ථාව ලබා දුන්නද එම ඉඩම් වෙනත් පාර්ශ්වයකට විකිණීමට නොහැකිවන ලෙස නීති සැකසිය යුතුය.

එසේ නැතිවුවහොත් මෙම අහිංසක දුප්පතුන්ට රජයකින් ලබා දෙන ඉඩම් සංගක්කාර වැනි කුණු ලොබයින් පමණක් නොව මහා පරිමාණ දෙස් විදෙස් ව්‍යාපාරිකයින් තුට්ටු දෙකට කොල්ලකණු ඇත.
රනිල් සහ ජවිPAY පුර්ණ ආශීර්වාදයෙන් සහයෝගයෙන් MCC ගිවිසුම හරහා ඊනියා ඉඩම් බැංකු නිර්මාණය කර සින්නකර ඔප්පු දෙනවා කියා ජනතාව මුලා කරමින් සිදු කිරීමට කැස කැව්වේ දුප්පත් මිනිසුන්ගේ ඉඩම් ධනවතුන්ට ඇමරිකානු ව්‍යාපාරිකයින්ට මංකොල්ල කෑමට මග විවර කරදීමටය.

වෙනත් වචන වලින් කියනවා නම් සින්නකර ඔප්පු දෙන මුවා වෙන් මෙරට ජනතාවට රජයෙන් ලබා දුන් ඉඩම් කොල්ල කා තමන් ඉපදුන මහා පොලවේ බිම් අඟලක් අහිමි වහලුන් කිරීමට යි MCC හි සහ ද්‍රෝහී රනිල්ගේ සැලසුම වුනේ.
MCC ගිවිසුම අත්සන් කිරීම ගෝඨාභය ජනපතිවරයා නවතා දැමුවත් රජයේ සිටිනා යම් ද්‍රෝහී ඉහළ පෙලේ නිලධාරීන් මෙම ඊනියා ඉඩම් බැංකු ක්‍රමය ජනතාවගේ ඇස් වලට වැලි ගසා කරගෙන යාමට තැත් කරන බව පෙනී යනවා.

මෙරට ජාතිමාමක බුද්ධිමතුන් මේ තිරෙන් පිටුපස සිදු කිරීමට යන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල පිළිබඳව අවදානයනේ සිටිනා බව අප මේ ද්‍රෝහී නිලධාරී ත්‍රන්තයට මතක් කරදීමට කැමතිය.
MCC හරහා ඩොලර් මිලියන 480 ක් ලබාගෙන ඉඩම් බැංකු නිර්මාණය කර බහු ජාතික කොම්පැනි වලට විකිනීමට වූ සැලසුම හෙවත් ඇමරිකාවේ අවශ්‍යතාවය මෙම ඉහල නිලධාරීන් විසින් ඩොලර් මිලියන 480 නැතිවම නොමිලේම හීන් සීරුවේ සිදු කිරීමට සැලසුම් කරන බව පෙනී යනවා.
ජාතිමාමක බුද්ධිමතුන් මේ තිරෙන් පිටුපස සිදු කිරීමට යන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල පරාජය කල යුතුයි.

රුවන් දිසානායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස