මුස්ලිම් නීතිය වෙනස් කළ නොහැකි බවට හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වහා ම විමර්ශනයක් කරන ලෙසට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව මහජන ආරක්ෂක ය අමාත්‍ය සරත් වීරසේකර පවසයි.
අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවශ්‍ය නීති ක්‍රියා මාර්ග ගන්නා ලෙසට ද දැනුම් දුන් බව අමාත්‍යවරයා කියා සිටියේය.
අසාද් සාලිගේ මෙම ප්‍රකාශයට එරෙහිව පාර්ශ්ව රැසක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර තිබිණි.