පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ඊයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කනගාටුව පළ කර තිබේ.
ඔහු පැය 05 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දුන්නේ අවස්ථා දෙකක දී එහි පැමිණීම පැහැර හැරීමෙන් අනතුරුවයි.
ඒ අනුව ඊයේ දිනයේ දී අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර, ඔහුගේ සහයට සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් එහි පැමිණ සිටියහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අශෝක් අබේසිංහ ප්‍රකාශ කළේ දැන් සිද්ධිය නීතිමය කරුණක් බවට පත්ව ඇති බවයි. එය නිර්මාණය කළ වීඩියෝවක් බව ඔහුගේ නීතිඥවරයා මෙහිදී කියා සිටියේ ය.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් පළ කළ අතර එහිදී ඔහු සඳහන් කළේ මන්ත්‍රීවරයාට තමන් සිදුකළ ප්‍රකාශය තහවුරු කිරීමට කිසිදු කරුණක් ඉදිරිපත් කිරීමට නොහැකිවූ බවයි.
ඒ සම්බන්ධයෙන් ඇති වූ මතවාද පිළිබඳව ඔහු කනගාටුව පළ කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි. නීතිපති උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.