පාස්කු ප්‍රහාරයේ රහස් එළි කරන්න අශෝක් අබේසිංහ CID එයි…! ආවේ සජිත් එක්ක විපක්ෂ නායක නිල රථයෙන්…!

March 11, 2021 at 10:33 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අද (11) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාරය එල්ල කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ බවට ඔහු සිදුකළ ප්‍රකාශය පිළිබඳ ව ප්‍රකාශයක් ලබා දීම පිණිස ය.

එම ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.

අශෝක් අබේසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ විපක්ෂ නායකවරයාගේ නිල රථයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණීම ද විශේෂත්වයකි.

එහි පැමිණි සජිත් ප්‍රේමදාස මෙසේ පැවසීය.

“මම එතුමා සමග පැමිණියා. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ නායකයා හැටියට මම තරයේ විශ්වාස කරනවා මගේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන්නට ඕනේ, රැකගන්නට ඕනේ කියලා. ඒ නිසයි මගේ වාහනෙන් මම එතුමාව ගෙනාවේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *