සජිත් පාඨලී ගැටුම ඇවිළෙයි…! ගින්න නිවන්න පිරිසක් රහසේ ම වැඩ…!

February 28, 2021 at 4:27 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අතර මත ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පාඨලී චම්පික රණවක මෙතෙක් සමගි ජන බලවේගයේ සාමාජිකත්වය නොගැනීම මෙන්ම ඔහු විසින් නිර්මාණය කළ 43 සේනාංකය මුල්කොට ගෙන මෙම තත්ත්වය උදාවී තිබේ.

43 සේනාංකය ද සමගි ජන බලවේගයට අනුයුක්ත සංවිධානය කිරීම සඳහා පාඨලීට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගන්නා මෙන් සජිත් ප්‍රේමදාස කීප විටක්ම ආරාධනා කර ඇතිමුත් ඊට ද මේ වන තුරු ප්‍රතිචාර ලැබී නොමැත.

මේ තත්ත්වය සමනය කිරීමට පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් කිහිපදෙනෙකු මුල් වී උත්සාහ කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *