මෘතදේහ භූමදානයට අවසර දුන්නත් ක්‍රියාත්මක කරන්න බෑ…! ආදාහනය දිගට ම….! – වසංගත රෝග විද්‍යා ප්‍රධානී….

February 26, 2021 at 11:31 pm | by emanisa.lk

කොවිඩ් මළ සිරුරු භූමදානය කළ හැකිද යන්න සොයාබැලීම සඳහා පත්කළ තාක්‍ෂණික කමිටුවේ නිර්දේශ අනුව කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානයට අවසර ලබාදෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (25) රාත්‍රි නිකුත් කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය රෙගුලාසි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් මේ වනවිට සකස් කරමින් සිටින බවයි.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා එම රෙගුලාසි ඉදිරි දිනවලදී ඉදිරිපත් කරනු ඇති බවද ඔහු සඳහන් කරයි.

මේ අතර අදාළ මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හෙට කොළඹදී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

එම රෙගුලාසි සම්මත වී බලාත්මක වන තුරු සුපුරුදු පරිදි සියලු මෘතදේහ ආදාහනය කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *