බොදුබල සේනාව තහනම් කරන්න කිසිවෙකුට බෑ….! – වාසු…

February 26, 2021 at 10:14 pm | by emanisa.lk

බොදුබල සේනා සංවිධානය තහනම් කිරීමට කිසිවෙකුට නොහැකි බව ඇමැති වාසුදේව නානායක්කාර පවසයි.

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව ඇමැතිවරයා අවධාරණය කරයි..

එසේ ම බොදුබල සේනාවට තමන් පෞද්ගලිකව විරුද්ධ බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

එහෙත් ජනාධිපති කොමිෂන් සභාවක් කී පමණින් එවැනි සංවිධාන තහනම් කළ යුතු නැතැයි වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

පාස්කු කොමිෂන් සභා වාර්තාව අසම්පූර්ණ බවත් පාස්කු ප්‍රහාරය දියත් කර පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය නොපවත්වන තැනට කටයුතු කිරීමට සැලසුමක් තිබුණේ ද යන්නට එම වාර්තාවෙන් පිළිතුරක් නොලැබෙන බවත් ඒ පිළිබඳ තව දුරටත් සොයා බැලිය යුතු බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *