පොලිස් ඇමැති වහාම ක්‍රියාත්මකයි….! නීති ශිෂ්‍යයාට පහර දුන් පෑලියගොඩ පොලිස් මැරයින්ගේ වැඩ තහනම්….!

February 26, 2021 at 1:58 pm | by emanisa.lk

පෑලියගොඩ පොලිස් ස්ථානයට සැකකරුවෙකු බැලීමට පැමිණි මිගාර ගුණරත්න නම් නීති ශිෂ්‍යයාට පහරදුන් පොලිස් නිලධාරීන් පිරිසගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද පැවසීය.

“පෑලියගොඩ පොලිස් ස්ථානය ඇතුළේ තරුණයෙකුට පහරදීලා තියෙනවා. ඒ තරුණයාට තුවාල වෙලා තියෙනවා. ඒ ඡායාරූපත් සමාජගත වෙලා තියෙනවා. මම ඇමතිවරයා හැටියට පොලිස්පතිවරයාට නියෝග කළා වහාම අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරලා පරීක්ෂණයක් පවත්වන්න කියලා. පොලිස් ස්ථානයක් තුළදී ඒ වගේ පහරදීමක් කිසිසේත්ම අනුමත කරන්නේ නෑ.”

මිගාර ගුණරත්න නැමැති නීති ශිෂ්‍යයෙකුට ඊයේ (25) පෑලියගොඩ පොලිස් නිලධාරීන් පිරිසක් පහරදී තිබුණි.

පොලීසියට රැගෙන ආ සැකකරුවෙකු හමුවීම සඳහා ඔහු පෑලියගොඩ පොලීසියට ගොස් ඇති අතර එහි දී පොලිස් නිලධාරීන් 10ක් පමණ තමාට පහරදුන් බව ඔහු පවසා තිබේ

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *