ජිනීවා සටනට ලංකාව මෝදිගේ සහාය පතයි..!

February 25, 2021 at 11:47 am | by emanisa.lk

ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඉන්දියාවේ සහාය බලාපොරොත්තු වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විදේශ සබඳතා  අමාාත්‍යංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ උපුටා දක්වමින් එම මාධ්‍ය ඒ බව වාර්තා කර ඇත.

‘‘අපි මුලින්ම ඉන්දියාවෙන් ඉල්ලීමක් කළා. ඒ ඒ රටවල නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවෙද්දී, ජනාධිපතිවරයා අදාළ රටවල නායකයන්ට දෙන්නැයි එම නියෝජිතයන්ට ලිපියක් ලබාදෙනවා’’ යැයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල සහාය ලබාගැනීමේ උත්සාහයක් ලෙස ජනාධිපතිවරයා එම ලිපිය යැවූ බව ද හෙතෙම සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *