කොටින්ගේ ම්ලේච්ඡත්වය කියාපාන ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් වෙයි…! දරුවන් පමණක් නොව සතා සීපාවා පවා යුද්ධයට බිලිදුන් හැටි මෙන්න…!

February 24, 2021 at 1:36 pm | by emanisa.lk

කොටි සංවිධානය සිය පටු දේශපාලන අරමුණු උදෙසා කුඩා දරුවන් පමණක් නොව සුරතල් බල්ලන් සහ එළුවන් පවා බිලි දුන් ආකාරය විදහාපාන වීඩීයෝවක් නිකුත්ව තිබේ.

මෙම වීඩියෝවේ දැක්වෙන සියලු දර්ශන කොටි සංවිධානය අතහැර ගිය සාමාජිකයින් විසින් ආරක්ෂක අංශ වෙත ලබා දී ඇති අතර ඒ සියල්ල විශේෂඥ කණ්ඩායම් විසින් පරීක්ෂා කර තහවුරු කර තිබේ.

කුඩා දරුවන් මිනිස් බෝම්බ බවට පත්කිරීම සඳහා ඇඩෙලා බාලසිංහම් නැමැති කොටි කාන්තාව ඔවුන්ගේ ගෙළෙහි සයනයිට් කරල් බඳින ආකාරය මෙන් ම පණ පිටින් බල්ලන් පුපුරුවා හරින හැටි එළුවන් පුහුණු වෙඩි ඉලක්ක කරන හැටි ද මෙම වීඩියෝවෙහි දක්නට ලැබේ.

ජිනීවා මානව හිමිකම් සමුළුවෙහි චෝදනා ඉදිරිපත් කරන්නේ මෙසේ ම්ලේච්ඡ ලෙස දෙමළ සමාජය විනාශ කළ කොටි සංවිධානය පරාජය කර එම ජනතාව ගලවා ගත් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ය.

එම වීඩියෝව නැරඹීම සඳහා යන්න…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *