වව්නියාවෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් අත්අඩංගුවට….!

February 18, 2021 at 8:34 am | by emanisa.lk

වවුනියාව, සෙට්ටිකුලම, සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් ඊයේ (17) සොයාගත් බව වවුනියාව ආරක්ෂක අංශ පවසයි.

ආරක්ෂක අංශ පැවැසුවේ වවුනියාව රාජ්‍ය බුද්ධි ​සේවයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව සඟවා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක සොයාගත් බවයි.

මෙම බෝම්බ ඇඳුම් කට්ටලවල තිබූ පුපුරන ද්‍රව්‍ය වර්තමානයේදීද ජීව තත්ත්වයේ පවතින බැවින් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත අදාළ පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *