ජනතා විමුක්ති පෙරමුණ තහනම් කර මර්දනය කර යටපත් කිරීමට නොහැකි වූ බවත් එහි නායකයෙකුගේ දෙන්නෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කර යටපත් කිරීමට නොහැකි බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
තමන් තව දුරටත් පාර්ලිමේන්තුවට ගොස් වංචා දූෂණ පිළිබඳ කතා කරන, ආණ්ඩුවට බලපෑම් කරන කුඩා කණ්ඩායමක් ලෙස කටයුතු කර පලක් නොමැති බවත් ඉදිරියේ දී පාලන බලය ලබා ගන්නා බලවේගයක් බවට රූපාන්තරණය වීමට සූදානම් බවත් ජවිපෙ මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
මේ රට බේරා ගැනීමට නම් සැබෑ දේශප්‍රේමි අධිරාජ්‍ය විරෝධී පුළුල් බලවේගයක් ගොඩනැඟීය යුතු බවත් ඒ සඳහා ජවිපෙ සූදානම් බවත් නලින්ද ජයතිස්ස වැඩි දුරටත් සඳහන් කළේ ය.