සූර් වූ හමුදා නිලධාරියෙක් යකා නටයි….! විඩීයෝව සමාජ මාධ්‍ය අවුළයි…!

February 12, 2021 at 5:01 pm | by emanisa.lk

යුද හමුදා නිලධාරියෙකු සහ වෙළෙදසැළක සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරුවෙමින් තිබේ. එහි එක් හමුදා නිලධාරියෙකු බීමතින් සිටින අයුරු දැකගත හැකි ය.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පවසයි.

ඔහු සඳහන් කළේ දෙපාර්ශ්වය අතර යම් යම් සිදුවීම් සිදුව ඇති බව මූලික පරීක්ෂණවලින් මේ වන විට සොයාගෙන ඇති බවයි.

එහි පූර්ණ සිදුවීම ඇතුළත් පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වා ඊට සම්බන්ධ අය පිළිබදව ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට කටයුතු සිදුකරමින් පවතින බව බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න වැඩිදුරටත් සදහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *