කොරෝනා මෘතදේහ භූමදානයට සහාය පළකළ මහ සඟ රුවනට බාකිර් මාකර්ගේ ස්තූතිය….!

February 12, 2021 at 9:51 am | by emanisa.lk

කොරෝනා මෘතදේහ භූමදානයට රජයේ අවසරය ලබාගැනීම සඳහා අමරපුර මහා සංඝ සභාව සහ රාමඤ්ඤ මහා නිකාය සිදුකළ කාර්ය භාරයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් සිය කෘතඥතාව පළ කර තිබේ.

අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර හිමියන්ට සහ රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තන්ගනේ ශාසනරතන හිමියන් වෙත ලිපියක් යොමු කරමින් මෙලෙස සිය ස්තූතිය පළකර ඇත.

මෙරට සියලු ආගම්වල මූලික හරයන් අවබෝධ කර ගනිමින් විවිධත්වය තුළ එකමුතුකම ඇතිකරලීම සඳහා අමරපුර මහා සංඝ සභාවේ සහ රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමිවරුන් ඉටුකළ මෙහෙවරට ස්තුතිය පුද කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් සිය ලිපිය මගින් දක්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *