ආණ්ඩුවට එරෙහිව හඬක් නැඟිය හැකි ශක්තිමත් චරිත මන්ත්රි ධුර අහෝසි කිරීමෙන් ප්රජා අයිතිය අහෝසි කිරීමෙන් නිෂ්ක්රිය කිරීමට සූදානමක් ඇතැයි පාඨලී චම්පික රණවක පවසයි.
තමා පහුගිය ආණ්ඩුවේ පොලිස් ඇමැති හෝ අධිකරණ ඇමැති නොවන බවත් තමන්ට එරෙහි රිය අනතුරු නඩුවෙහි පොලිසියට සහ අධිකරණයට බලපෑම් කළ හැකි ඇමැතිවරුන් කිසිවෙකුගේ නම් නොමැති බවත් මන්ත්රීවරයා සඳහන් කරයි.
එහෙයින් මෙම නඩුව තමන්ට බියෙන් තමා දේශපාලන වශයෙන් විනාශ කිරීමේ අරමුණිනි කරන වැඩක් බව ද රණවක පෙන්වා දෙයි.
ජයග්රහණය කළ හැකි ශක්තිමත් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කර 2024 දී තමන්ගේ ජනාධිපතිවරයකු පත්කර ගන්නා බව ද ඔහු ප්රකාශ කළේ ය.