ජනවරමට සාධාරණය ඉටු කරන්න බැසිල් පාර්ලිමේන්තු ආ යුතුයි…! – මහින්ද….

February 3, 2021 at 11:47 am | by emanisa.lk

පොහොට්ටුවට දුන් ජනවරමට සාධාරණය ඉටු කිරීමට බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව මහින්ද පතිරණ පවසයි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා මේ බව පවසා ඇත්තේ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. ඒ මෙසේ ය.

“පුද්ගලික රුචි අරුචිකම් පසෙක තබා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට මේ කාලයයි. පොහොට්ටුවට දුන් ජනවරමට සාධාරණය ඉටු කරන්න. එහි විස්වාසය රකින්න. වෙනස්ව සිතීමට බිය නොනන්න.”

20 වෙනි සංශෝධනය මගින් ද්විත්ව පුරවැසි සීමාව ද ඉවත් කර ඇති නිසා බැසිල් රාජපක්ෂට ඕනෑ ම වේලාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට බාධාවක් නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *