13 බලාත්මක කරන්න ඉන්දියාව මෙහෙයුම් අරඹයි…! කරුණා සහ පිල්ලෙයාන් සමග සාකච්ඡා….!

February 3, 2021 at 10:47 am | by emanisa.lk

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) සහ විනයාගමුර්ති මුරලිදරන් (කරුණා) හමු වී සාකච්ඡා කර තිබේ.

මෙම දෙදෙනා ම දෙමළ ජාතික සන්ධාන විරෝධී දේශපාලන කඳවුර නියෝජනය කරන අතර නැඟෙනහිර පළාතේ දේශපාලන කටයුතු කරයි.

එම සාකච්ඡාවල දී 13 වෙනි සංශෝධනය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවට බලපෑම් කිරිම පිළිබඳ සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

ඉන්දියාව බලහත්කාරයෙන් අප මත පැට වූ 13 වන සංශෝධනය සහ සුදු අලියෙකු බවට පත්ව ඇති පළාත් සභා සම්පූර්ණයෙන් ම අහෝසි කළ යුතු බවට සමාජ මතයක් නිර්මාණය වන පසුබිමක මෙම හමුව සිදු වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *