ගොවීන්ගේ පොහොර සහනාධාරයටත් ඇමරිකානු ඩෝල් සමාගම විදල….!

February 3, 2021 at 7:34 am | by emanisa.lk

ගොවීන්ට ලබාදෙන රජයේ පොහොර සහනාධාරය මෙරට වැවිලි කර්මාන්තයේ යෙදී සිටින ඇමරිකානු ඩෝල් සමාගම ඇතුළු මහා පරිමාණ සමාගම් රැසක් ද අයථා ලෙස ​ ලබාගෙන ඇතැයි අනාවරණය වේ.

අක්කර විසි දහස, තිස් දහස වගා කෙරෙන ප්‍රධාන පෙළේ සමාගම් පවා සහනාධාරය යටතේ පොහොර ලබාගෙන ඇතැයි ද ඒ අතර සිටින ඩෝල් සමාගම විශාල ආදායමක් ලබන සමාගමක් බව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.

වී සඳහා පොහොර සහනාධාරය එයාකාරයෙන්ම ලබාදීම සහ අනෙකුත් භෝග සඳහා හෙක්ටයාර් පහක් දක්වා පමණක් පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව ඇමැතිවරයා මෙහිදී පැවසුවේය.

ගොවියාට සහ කුඩා තේ වතු හිමියාට පමණක් පොහොර සහනාධාරය ලැබෙන ලෙස ක්‍රමවේදය සකස් කර තිබෙන බවද මින් ඉදිරියට ප්‍රධාන සමාගම්වලට රජයේ පොහොර සහනාධාරය භාවිත කළ නොහැකි බව ද මෙහි දී අවධාරණය කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස