රටට දැවැන්ත සේවයක් කළ යහපාලන නායකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න හදනවා…! – සජිත්….

February 2, 2021 at 10:52 pm | by emanisa.lk

දේශපාලන හතුරුකම්, පළිගැනීම් සහ දඩයම් රජය ක්‍රියාත්මක කරන සුපුරුදු ක්‍රියාවලියක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අපේ රටට විශාල සේවයක් කළ නායකයින් ඉලක්ක කරගෙන ආණ්ඩුව පහර සිදුකරන පහරදීම්වලට මුහුණ දීමට සිදුව ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා මේ වන විට පිඹුරුපත් සැකසෙමින් ඇතැයි ද ඔහු අනතුරු ඇඟෙව්වේ ය.

රටේ ජනතාවට එක්සත් වී ආඥාදායකත්වයට එරෙහිව නැඟී සිටීමට යුගය එළැඹ ඇතැයි ද සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් සඳහන් කළේ ය.

ගම්පහ දිවුලපිටිය කොටදෙණියාව ප්‍රදේශයේ විපක්ෂ නායක ජංගම සේවයට එකතු වෙමින් ඔහු ඊයේ (01) මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස