අපි තව්තිසාවක් කළ රට මේ ආණ්ඩුව විසාලා මහනුවරක් කළා…! – රාජිත

January 25, 2021 at 4:56 pm | by emanisa.lk

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදන්නේ යැයි පවසමින් බලයට පත් වූ වත්මන් රජය අද වන විට රට විසාලා මහ නුවරක් බවට පත්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න සඳහන් කරයි.

රජයට කිසි සැලසුමක් නැති හේතුවෙන් රටේ ජනතාවට වන්දි ගෙවීමට සිදුව ඇතැයි ද ඔහු කියා සිටියි.

අද රට ගමන් කරමින් ඇත්තේ විශාල මහ නුවරක් සේ බවත් එක් පැත්තකින් වසංගතයක් තවත් පැත්තකින් ආර්ථික අර්බුදයන් හේතුවෙන් ජනතාවට කන්න බොන්න විදිහක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *